Saturday, October 13, 2012

Twinkle Twinkle Diamond Star : ප්‍රථිවියට ආසන්නයෙන් සොයාගත් දියමන්ති ලෝකය!


ප්‍රථිවියේ සිට ආලෝක වර්ෂ 40ක් ඈතින්, දියමන්තියක් සේම දීප්තිමත්ව බබළන ග්‍රහලෝකයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයින් සමත් වී තිබෙනවා. එහි මතුපිට පුරාම වටිනා දියමන්ති විසිරී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

මෙම ග්‍රහලෝකය Cancri 55 e ලෙස නම්කර ඇති අතර එහි විශාලත්වය ප්‍රථිවිය මෙන් දෙගුණයක් හා ස්කන්ධය ප්‍රථිවිය මෙන් 8 ගුණයක්ද වනවා. ප්‍රථිවියේ මතුපිට ජලයෙන් හා පාෂාණවලින් වැසී තිබුණත් මෙම ග්‍රහ ලෝකයේ මතුපිට ඇත්තේ දියමන්ති හා මිනිරන් බවයි විද්‍යාඥයින් පවසන්නේ. අලුත්ම පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ අවම වශයෙන් ග්‍රහලෝකයේ තුනෙන් එකක්වත් දියමන්ති ඇති බවයි, (බරින් ප්‍රථිවිය මෙන් තුන් ගුණයක්).

මෙවැනි ග්‍රහලෝකයක් සොයා ගත් පළමු අවස්ථාව මෙය බව ප්‍රධාන පර්යේෂක Nikku Madhusudhan කියා සිටී. " මතුපිට වතුර හා පස් වෙනුවට මිනිරන් හා දියමන්ති තමයි තියෙන්නේ, මේක තමයි ප්‍රථිවියට වඩා වෙනස්ම තත්ත්වක් ඇති ශෛලමය ලෝකයක් හොයාගත්තු පළමු අවස්ථාව! "





මෙම දියමන්ති ග්‍රහලෝකය ශ්‍රීඝ්‍රයෙන් පරිභ්‍රමණය වන අතර එහි වසරක් යාමට ගතවන්නේ පැය 18කි. මෙහි උෂ්ණත්වය ෆැරන්හයිට් 3900ක් පමණ වන බැවින් ජීවී පැවැත්මක් ගැන සිතිය නොහැකි බව විද්‍යාඥයින්ගේ අදහසයි.

මෙය ප්‍රථිවියට ආලෝක වර්ෂ 40ක් පමණ ඈතින් පිහිටා තිබුණත් පියවි ඇසින් දැකිය හැකි ග්‍රහලෝකයක්, ඉතින් ඔබ තාරකා විද්‍යාව ගැන උනන්දු කෙනෙක්නම් පැහැදිළි අහසක් ඇති රාත්‍රියක ඔබේ සුමිතුරු දුරේක්ෂයත් අරන් එළියට බැහැලා මේ දියමන්ති ලෝකය අහසේ හොයාගන්න උත්සහ කරන්නකෝ ( කොම්පියුටරේ දිහාම බලන් ඉන්නැතුව ලස්සන අහස දිහාත් බැලුවොත් නරකද? :P )
මෙන්න සිතියම!
සැ.යු. : තද නිල්පැහැති රේකාවකින් යාකර ඇත්තේ කටක ( Cancer ) තාරකා රාශියයි, ඊට ස්වල්පයක් වමට වන්නට මෙම ග්‍රහලෝකය පිහිටා ඇත.

No comments:

Post a Comment