Sunday, July 1, 2012

ශ්‍රී ලංකාවේ භූ චලන



මීට මාස කිහිපයකට කලින් නම් ශ්‍රී ලංකාවේ භූ චලන සිදුවේ යැයි සිහිනයකුදු සිතිය නොහැකි විය. එහෙත් මෑත කාලයේ වාර්තා වුනු සිදුවීම් පිළිබඹව විමසා බැලීමේදී අපට වැටහුණු දෙයක් නම් අනාගතයේදී ශ්‍රී ලංකාව තුළද භූමි කම්පා ඇතිවීමට බොහෝ සේ ඉඩ ඇති බවයි. අප්‍රේල් සහ මැයි මාසවල සැලකිය යුතු තරමේ භූ චලන සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුළ සිදුවූ බව ඔබ දැනටමත් දන්නවා ඇති. විශේෂයෙන් මහනුවර, පේරාදෙණිය, නුවරඑළිය සහ මහියංගනය යන ප්‍රදේශවල මෙම භූ චලන වාර්තා විය. මීට අමතරව කොළඹ වරාය ආශ්‍රිතවද සුළු භු චලන සිදු වූ බවට කනින් කොනින්  ඇසුනි. ඒ කෙසේ වෙතත් මෙම භු චලන නිසා ජීවිත හෝ දේපළ හානියක් සිදු නොවීම ගැන අපි සතුටු වෙමු.



ශ්‍රී ලංකාවේ භූ කම්පන ඉතිහාසය.

ශ්‍රී ලංකාව තුළ සිදුවන භු චලන පිළිඹඳව කතාබහ කිරීමට පටන් ගත්තේ මෑතකදී වුවත් ශ්‍රී ලංකාවේ භූ චලන ඉතිහාසය වර්ශ 1614 තරම් දුරකට දිවයයි. කොළඹ අවටින් වාර්තා වූ බව කියන මෙම භූමිකම්පාවෙන් පුද්ගලයින් 2000ක් මියගොස් නිවාස 200කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ඊට හරියටම වසර 100කට පසුව එනම් 1714 දී මඩකලපුවේදීත්, 1823 දී ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේත් භූ චලන සිදුවී තිබෙනවා. 1974 දී දින දෙකකදී භූ චලන සිදුවී තිබෙනවා. පසුගිය වසර 100ක කාලයේදී  ශ්‍රී ලංකාව තුළ හා ශ්‍රී ලංකාව ආශ්‍රිතව භූ චලන 60කටත් අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.
ශ්‍රී ලංකාවට කිලෝමීටර 800ක් දකුණින් එක් රේකාවක භූ චලන සිදුවීමට ආරම්භ වී තිබෙන අතර එය භූ තලයක් ලෙස හඳුනා ගත හැකිය. ශ්‍රී ලංකාවට  මෙහි බලපෑමක් ඇති බවට තවමත් සාධක නැතත්, ශ්‍රී ලංකාව තුළද භූමි කම්පා ඇතිවීමට ඉඩකඩ ඇති බව අමතක නොකළ යුතු කාරණයකි.

භූමිකම්පාවක් ඇතිවුනොත් මොකද කරන්නේ?

භූමිකම්පාවකදි කරන්න ඕන වැදගත්ම දේ තමයි එළිමහන් ස්ථානයකට යන එක. මොකද, භූමිකම්පාවකදි සිදුවන ජීවිත හානි බොහෝමයක් සිදුවන්නේ ගොඩනැගිලි කඩාවැටීම නිසා. ඒක නිසා භූ චලනයක් පිළිඹඳව අවධානමක් දැනුණු විගසම කරන්න ඕන එළිමහන් ස්ථානයකට යන එකයි. හැබැයි තමන් ඉන්නේ ලොකු ගොඩනැගිල්ලක් ඇතුළේ නම් කොහාටවත් යන්න උත්සහ කරන්න හොඳනැහැ. ඒ වගේ අවස්ථාවකදී හොඳ ශක්තිමත් දෙයක් යටට වෙලා ආරක්ෂා වෙන්න උත්සහ කරන්න ඕන. එහෙම ආවරණයක් හොයාගන්න බැරිනම් හොඳම දේ තමයි බිත්ති දෙකක් එකතු වෙන මුල්ලකට වෙලා පුළුවන් තරම් හිස ආරක්ෂා වෙන විදිහට ඉන්න එක.

මේ VIDEO එක බලලා පොඩි අදහසක් ගන්නකෝ.