Tuesday, June 26, 2012

"Chain E-mail" වල ඇත්ත නැත්ත.



ඔයාලා දන්නවා Chain Letter එකක් එහෙමත් නැත්නම් Chain E-mail එකක් කියන්නේ, එක් පුද්ගලයෙක්ට අදාල ලිපිය ලැබීමෙන් පසුව එය තවත්  පුද්ගලයෙක්ට හෝ කිහිපයකට යැවීමට බල කරන සහ එසේ නොකරන අයට විවිධාකාරයේ සිදුවීම් සිදුවනවා යැයි පවසා අදාල ලිපිය කියවන්නා බියට පත්කරන ලිපි වලට.

ඇත්තටම මේ ලිපිවල සත්‍යතාවය මොකක්ද? ඔයාලටත් සමහර විට මේ වගේ ලිපි ලැබිලා, ඒවා යාළුවොන්ටත් යවල ඇති. මේ පිළිඹඳව සොයා බැලීමේදී අනාවරණය වෙලා තියෙනවා මේවා නිකන්ම නිකන් බොරු ලිපි බව. ඇත්තටම මෙවැනි ලිපියක් පළමුවරට කියෙව්වම හිතට බයක් දැනෙන එක සාධාරණයි ඒක මනුස්ස ගතියනේ, ඒත් හොඳට මතක තියාගන්න මේවා සම්පූර්ණයෙන්ම මිත්‍යා විශ්වාස කියලා. ඒ වගේම SPAM කිරීමක් කියලා.


ඉතින් ඔන්න අද ඉඳලවත් අනිත් අයට Forward කරන්න කියලා එවන SMS වලට E-mail වලට බය වෙන්නේ නැතුව, ඒ වගේ මේල් එකක් ආවොත් එක්කෝ Report කරන්න එහෙමත් නැත්නම් Delete කරන්න. එය ගොඩක් දෙනෙක්ගේ කාලය සහ මුදල් ඉතිරි කරාවි.




Monday, June 25, 2012

දකිමු ලෝකය




අපි ලෝකය දකින්නේ එක එක විදිහට, අපේ පිළිගැනීම්, ඇදහීම් අනුව අපි ලෝකය දිහා දකින විදිහ වෙනස් වෙනවා. අපි මොන විදිහකට ලෝකය දිහා බැලුවත්, අවසානයේ සත්‍ය තත්ත්වය වටහා ගන්න අපිට පුළුවන් වෙන්න ඕන. පොඩිකාලේ අපි මුහුදු වෙරළ බලන්න ගියාම හිතුවේ අහසයි මහුදයි ඈත කොහේහරි එකතු වෙනවා කියලා නේද? ඒත් අපේ අම්මයි තාත්තයි අපිට කිව්වා එහෙම වෙන්නේ නැහැ කියලා. අපි ඒ වෙලාවේ අම්මලා කියපු දේ පිළිගත්තේ නැති උනත් දැන් අපි ඒක පිළිගන්නවා. අන්න ඒ වගේ තමයි අපිට පෙනෙන විදිහට නෙවේ සමහර දේවල් ඇත්තටම තියෙන්නේ, අපි බොහෝ වේලාවට රැවටෙනවා, මුලා වෙනවා, අන්තිමට ඇත්ත දැනගත්තම දුක්වෙනවා. ඉතින් අපේ මේ උත්සහය ලෝකය දිහා බලන්න, නිකන්ම නිකන් නෙවේ, ඇත්ත ලෝකය ඇති සැටියෙන් දකින්නට.

"දකිමු ලෝකය
ක්ෂිතිජයෙන් එහා!"